වතු සේවකයින්ගේ වැටුප ගැන අවසන් තීරණයක් ලබාදීමට ක්‍රියා කරන්න; අගමැති

ජූනි 18, 2020

    වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදීමට ක්‍රියා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ට දැනුම් දී තිබේ.

    ඒ වතු සමාගම් හිමිකරුවන් සමඟ ඊයේ පැවති සාකච්ජාවකදී.

    වතු සේවක මූලික වැටුප වන රුපියල් 700ට අමතරව, මිල කොටස් අතිරේක දීමනාව, නිෂ්පාදන දීමනාව සහ පැමිණීමේ දීමනාව යන දීමනා ද ඇතුලුව දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමාන් මහතා මෙහිදී වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

    දෛනික වැටුප වැඩි කිරීම ඇතුළු ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණියේ නැත. එහෙත්, මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන තීරණාත්මක සාකච්ජාවක් ලබන 25 වැනිදා ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News