මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් UN සහ EU එකට ලිපි

ජූනි 18, 2020

    යස්මින් සූකා මහත්මිය හා ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් තමන්ට එරෙහිව පසුගිය කාලයේ සිදු කරනු ලැබූ අසත්‍ය චෝදනා හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පවසයි.

    මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට හා යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරයාට අද ලිපියක් බාරදෙනු ලැබීය.

    එම ලිපියේ සඳහන් වන්නේ, සූකා මහත්මිය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සලේ මහතාට ජිවිත තර්ජනයක් එල්ල විය හැකි බවයි. එමගින් අවධාරණය කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ අයි.සී.සී. පී.ආර්. ගිවිසුමේ සඳහන් කරුණුවලට යස්මින් සූකා මහත්මියගේ ප්‍රකාශ මුළුමණින්ම පටහැනි බවයි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ උපදෙස් මත ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පිරිසක් එම ලිපිය අදාළ කාර්යාලවලට බාරදුන්නේය.

    Latest News