කොවිඩ්-19; 1,122 ක් පූර්ණ සුවය ලබයි

ජූනි 10, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 1,122 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    අද දිනය තුළ පිටව ගිය සංඛ්‍යාව 65ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු සිව් දෙනෙකු, අද මෙරටින් වාර්තාවිය. ඔවුන්ගෙන් අයෙක්, කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. තවත් පුද්ගලයෙකු මුම්බායි සිට පැමිණි අයෙකු බව වාර්තාවේ. අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයන්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 728 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. එය ප්‍රතිශතයක් ලෙස 39.07%ක්. සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතය 60.22ක්. මරණ වාර්තා වන්නේ 11ක් පමණි. එම ප්‍රතිශතය 0.59ක් වැනි ඉතා අඩු අගයක් ගනී.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 903 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එම ප්‍රතිශතය 48.52ක්. විදේශ රටවල සිට මෙරටට පැමිණි 645 දෙනෙකු ද සමස්ත කොවිඩ් රෝගීන් අතර වේ. එය ප්‍රතිශතයක් ලෙස 34.65%ක්. සෙසු සියලු දෙනාම දේශියව හඳුනා ගැනුණු රෝගීන්. එම සංඛ්‍යාව 313ක්. ප්‍රතිශතය 16.81ක්.

    Latest News