ලක්ෂ 50ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

ජූනි 09, 2020

    රුපියල් පනස් ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 520 යි මිලිග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු ගාල්ල ජාකොටුවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

    ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාධිපති මහතාට ලැබුණ තොරතුරකට අනුව ගාල්ල මාතර මහා මාර්ගයේ ගාල්ල ජාකොටුවැල්ල ප්‍රදේශයට හෙරොයින් ජාවාරම් කිරීමට යතුරුපැදියකින් පැමිණ සිටියදී හෙරොයින්තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මොහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පැවසිය.

     සැකකරු අද (9) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Latest News