සංචාරක ක්ෂේත්‍රයට සහන පැකේජයක්

ජූනි 08, 2020

    සියළුම සංචාරක ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි සහන පැකේජයක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

    ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාවද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

    සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග අද පැවති සාකච්ඡුාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

    නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබාදෙන කල්බදු සහනය ලබා ගැනීමේදී බස්රථ හිමියන් ලෙස තමන් මුහුණ දෙන ගැටළු, සංගම් නියෝජිතයින් එහිදී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා.

    වසංගත තත්ත්වයන් නිසා සංචාරක ක්ෂේක‍්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමත් සමග සිය වෘත්තිය ද බිඳ වැටුණු බවයි, ඔවුන් පෙන්වා දුන්නේ.

    ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ, නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජයේ අවධානය යොමු කර ඇති බවයි.

    ඊට අදාළ විසදුම් යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News