ඉදිරියේදී තවත් 40,000 ක් දිවයින්ට

ජූනි 08, 2020

    මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසක පමණ පිරිස ඉදිරි මාස කිහිපය ඇතුළත රජය විසින් ගෙන්වා ගනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

    වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ විදේශයන්හී වෙසෙන ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙය සිදුවන බවයි.

    ඒ අනුව ඔවුන් ඉදිරියේදී කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා අතර ඒ සඳහා සෞඛ්‍ය අංශ නිසියාකාරව සූදානම් කර ඇති බව වාර්තා වේ.

    Latest News