ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රථම වරට ලිහිසි තෙල්

ජූනි 05, 2020

    ලංකා ඛනිජ නීතිගත තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් (Lubrication Oil) නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

    ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසි තෙල් භාවිතය ගත් විට කිලෝලීටර් 65,000 ඉක්මවයි. එහෙත් මෙතෙක් අප රටට අශ්‍ය ලිහිසි තෙල් ආනයනය කිරීම නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ කරා මෙරටින් ඇදී ගියේය.

    අප රටේ ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මුළික කටයුතු ආරම්භ කර තිබුනත් විවිධ හේතුන් මත එම නිෂ්පාදන කටයුතු ආරම්භ වී නොතිබිනි.

    මේ සම්බන්ධව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ මැදිහත් වීම මත මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉදි කරන ලද අති නවීන යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලැබු බව එම සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය විසින් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    මෙම අති නවීන උපංග සහිත යන්ත්‍රාගාරයේ වාර්ෂික ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝ ලීටර් මිලියන 33කි.

    මින් පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලිහිසි තෙල් නිපදවීමට පියවර නොගත් අතර අප රටට අවශ්‍ය ලිහිසි තෙල් පිටරටින් ආනයනය කරනු ලැබීය. පසුගිය වසරේ දී ලිහිසිතෙල් ඉල්ලුම කිලෝ ලීටර් 65000ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් බිලියන 30කට ආසන්න බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

    කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් “CEYPETCO” සන්නාමය යටතේමෙම ලිහිසිතෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබෙන අතර දැනට නිෂ්පාදන ධාරිතාව සියයට 07ක් වන අතර එය මෙම වසර අවසන් වීමට පෙර සියයට 20 දක්වා වැඩි කිරීම අරමුණ වේ.

    අප රටේ නිපදවිය හැකි දෑ අප රට තුළ ම නිපදවා ගැනීම ඉළක්ක කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර තිබෙන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලිහිසි තෙල් අප රටේ ප්‍රථම වරට නිපදවීම සඳහා රාජ්‍ය ආයතනයක් වශයෙන් ගන්නා ලද පියවර සම්බන්ධව එහි සමස්ත කාර්ය මණ්ඩලයට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තම ස්තුතිය පළ කළේය.

    Latest News