ධීවර අමාත්‍යංශයත් ඩිජිටල් වෙයි

ඔක් 19, 2018

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය හ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල් කරණය කර ජාලගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍යතුමා මේ බව පැවසුවේ මෙම ජාල ගත කිරීමේ ව්‍යාපෘති වාර්තාව ලබාදීමේ අවස්ථාවේදීය . ITERON නමැති ජාත්‍යන්තර සමාගමේ නියෝජිත කණ්ඩායමක් ඊයේ (18) ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍යතුමා වෙත මෙම ව්‍යාපෘති වාර්තාව නිල වශයෙන් භාර දුන්හ .


    මෙම ජාල ගත කිරීම සහ ඩිජිටල් කරණයට අදාළ සමීක්‍ෂණය සහ දත්ත රැස්කිරීම මිට මාස 06 කට පෙර සිටම ITERON නමැති ජාත්‍යන්තර ආයතනය විසින් ආරම්භ කර තිබුණි .

    එලෙස ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල් කරණය කරමින් ජාල ගත කිරීමට අදාළ ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබේ .

    ධිවර ක්ෂේත්‍රයේ දෛනික තොරතුරු ලබාගැනීම සදහා විශේෂ මෘදුකාංගයක් හදුන්වාදීම සදහා ද කටයුතු කරමින් සිටි .

    එම මෘදුකාංගය මගින් ධිවර ප්‍රජාවට කාලගුණ අනාවැකි ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු මෙන්ම පාරිභෝගික ජනතාවට මත්ස්‍ය මිලගණන් ද ඇතුළු ධිවර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන වල විස්තර ලබාගැනීමේ පහසුව සැලසෙනු ඇති .

    එලෙසම මත්ස්‍ය වෙළදපොළ තත්වය සේම ඕනෑම අයෙකුට ධිවර ක්‍ෂ්ත්‍රයට අදාළ විස්තරයක් විමසීම සහ මත්ස්‍ය ගුණාත්මක භාවය , වැනි වැදගත් තොරතුරු පරිශීලනය කිරීමේ හැකියාව සහිත මෙම මෘදුකාංගය මගින් යම් මත්ස්‍යයෙකුගේ ජායාරුපයක් එවීමෙන් ඉතාම කෙටිකාලයක් තුල එම මත්ස්‍යයා පිළිබද නිවැරදි තොරතුරු ලබාගැනීමේ පහසුකම් වලින් ද සමන්විතය .

    Last modified on සිකුරාදා, 19 ඔක්තෝබර් 2018 16:27

    Latest News