බස්නාහිර පළාත් සභාවට තවත් ලෙඩක්

ඔක් 19, 2018

    පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට දැනුම් දී ඇත.

    ඒ අනුව ලේකම්වරයා විසින් මෙම සිද්ධිය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් සිදු කිරීමට පියවර ගෙන තිබුණි.

    සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් තම ස්ථාවරය පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙන්නේ බස්නාහිර පළාත් සභාව විසින් අදාළ චක්‍රලේඛය සංශෝධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.

    තවද, 2019 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයෙහි කිසිදු වෙනසක් නොකොට එය ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් සභාවට දැනුම් දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත යොමු කරන ලද ලිපියේ පිටපතක් ද මේ සමඟ ඔබ වෙත යොමු කර ඇත.

    Latest News