මිරිස්ස වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

මැයි 30, 2020

    මාතර, මිරිස්ස ධීවර වරාය පාරේ අද උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    සන්ෂයින් සුද්දා නමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන එම පුද්ගලයා වෙළෙඳසැලක තේ පානය කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ලුහුබැඳ ගොස් වෙඩි තබා තිබේ. යතුරු පැදිය පදවාගෙන ආ තැනැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසිය වෙත බාරදී ඇති බව වැලිගම පොලිසිය පවසයි.

    Latest News