නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

මැයි 30, 2020

    නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.

    කළුතර, ගාල්ල, මාතර ,රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මී.50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වෙයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News