අන්තර් පළාත් ප්‍රවාහන සේවා ඇරඹේ

මැයි 26, 2020

    ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු කොළඹ,ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද සිට ක්‍රියාත්මකයි.

    ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග රාජකාරී සදහා පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් ලෙස සැපයීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනූව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අන්තර් පළත් බස් රථ සේවා අද අලුයම ආරම්භ කෙරිණ.
    කොළඹ - නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙන්නේ නිට්ටඹුව දක්වා පමණයි. අංක 5 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා ධාවනය වනු ඇති. ගාලු පාරේ පැමිණෙන බස් රථ පානදුර දක්වා ද හයිලෙවල් හා ලෝලෙවල් මාර්ග ඔස්සේ පැමිණෙන අන්තර් පළාත් බස්රථ අවිස්සාවේල්ල දක්වා ද ධාවනය කෙරේ. අනුරාධපුර, පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන බස් රථ මීගමුවෙන් නතර කළ යුතුයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය කෙරෙන්නේ, කොට්ටාව දක්වා පමණය. අලුයම 4.30ට ආරම්භ කෙරෙන බස්රථ ධාවනය, පස්වරු 6.00ට අවසන් කෙරේ. අත්‍යශ්‍ය කටයුතු සඳහා දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා දුම්රිය 27ක් යොදවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 12:55

    Latest News