කෝටියක් වටිනා මුහුදු කූඩැල්ලන් කල්පිටියෙදී අත්අඩංගුවට‍

මැයි 19, 2020

    නීති විරොධී ලෙස ඉන්දියාවේ සිට බෝට්ටු දෙකක් ආධාරයෙන් මෙරට රැගෙනවිත් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් මුහුදු කූඩැල්ලන් 763kgක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන විත් තිබූ මෙම නීති විරෝධි මුහුදු කූඩැල්ලන් තොගය නැවත කොළඹ දක්වා ප්‍රවාහනය සඳහා වෑන් රථයක් වෙත රැගෙන යමින් සිටියදී කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව කියයි.

    බෝට්ටු දෙකක්, වෑන් රථයක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ධීවර හා ජලජ සම්පත් ආඥා පනත යටතේ මෙම මුහුදු කූඩැල්ලන් සන්ථකයේ තබා ගැනීම ප්‍රවාහනය කිරීම බරපතල වරදක් බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

    අදාළ සැකකරුවන් මෙම නීති විරෝධි මුහුදු කූඩැල්ලන් ඉන්දියාවේ සිට රැගෙනවිත් නැවත කොළඹ බලා රැගෙන යන බවත් මේවා විශාල මුදලකට අලෙවි කරන බවත් පොලිස් මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

    Latest News