කුඩාවැල්ල වරායේ වෙඩි තැබීමකින් 4ක් මරුට

දෙසැ 25, 2018

    තංගල්ල - කුඩාවැල්ල ධීවර වරායේ අද උදෑසන 7.15ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස්, නව දෙනෙකු තුවාල ලබා ඇත.

    තංගල්ල - කුඩාවැල්ල ධීවර වරායට යතුරු පැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් මෙම මාළු වෙළෙදාමේ නිරත වෙළෙදුන් වෙත එක දිගට වෙඩි තැබීමක් සිදුකර ඇත. එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකු මිය ගියේය.

    පොලීසිය වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පැමිණ මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Last modified on අඟහරුවාදා, 25 දෙසැම්බර් 2018 11:18

    Latest News