ධීවරයන්‌ සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්‌

මැයි 13, 2020

    ධීවර ගම්මාන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින්‌ ධීවරයන්‌ සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්‌ සකස්‌ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ පාර්ශවවලට ඊයේ උපදෙස්‌ දුන්නේය.

    මුදල්‌ ගණුදෙණු සඳහා ධීවරයන්ට වෙන්වූ බැංකුවක්‌ හඳුන්වා දීම සම්බන්ධයෙන්‌ ද අවධානය යොමු කෙරිණ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතා අතර හමුවක්‌ අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ පැවැත්විණි. ධීවරයන්‌ මුහුණ දී පාන ගැටලු මෙහිදී විශේෂ අවධානයට ලක්‌ කෙරිණ. ඔලුවිල්‌ වරාය ධීවර වරායක්‌ බවට පටර්වර්තනය කිරීමෙන්‌ එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය යහපත්‌ කිරීමේ හැකියාව පවතින බවයි, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වැඩපිළිවෙල කාලෝචිත බැවින්‌ ඊට අවශ්‍ය පියවර ගන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ අංශවලට උපදෙස්‌ දුන්නා. උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු හා ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරුණා. කොළඹ නවචාතැන්වලට කොටුවී සිටින උතුරේ ජනතාවට ගම්බිම්‌ බලා යාමට අවශ්‍ය පහසුකම්‌ සපයා ඇතැයි, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළා. ඊළාම්‌ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන්‌ හා අග්‍රාමාත්‍ය ලේකම්‌ ගාමිණි සෙනරත්‌ මහතා ඇතුළු පිරිසක්‌ මේ අවස්ථාවට එක්ච සිටියා.

    Latest News