අධික වර්ෂාවත් සමඟ මුතියන්කට්ටු ජලාශය පිටාර ගැලීමෙන් ඇතිවු ගංවතුරින් අවතැන් වු ජනතාව මුදා ගැනිම සහ ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 64 වන සහ 68 වන සේනාංක විසින් සිදුකරන ලැබිණ.
ගංවතුරින් මෙම ප්රදේශවල පවුල් 418 ක් පමණ අවතැන් වුහ. ඔවුන් අවතැන් කදවුරු 9ක් වෙත යොමු කිරිම යුද්ධ හමුදාව විසින් සිදුකර ඇත. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති දුෂ්යන්ත රාජගුරුගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාවේ 275කට සෙබලුන් පිරිසක් මෙම සහන සේවා සදහා එක්වි තිබේ.