හෙට සිට තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි

මැයි 03, 2020

    තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    දිවයින පුරා පිහිටි සියලු තැපැල් කාර්යාලවල සේවා කටයුතු හෙට (04) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද තැපැල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ තැපැල් කාර්යාල ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.

    එහෙත් අද පස්වරු පැවැති සාකච්ඡා සාර්තක විමත් සමඟ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය.

     

    Latest News