කොවිඩ් 19 රෝගීන් සමීපව ඇසුරු කළ පිරිස් තවදුරටත් නිරෝධායනට

අප්‍රේ 29, 2020

    පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්‌ වාර්තා වූ කොරෝනා ආසාදිතයන්‌ සමීපව ඇසුරු කළ 210 දෙනෙකුගෙන්‌ සමන්විත පිරිසක්‌ අද අලුයම වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක්‌ වෙත යොමු කෙරිණ.

    ඒ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෙනි‌. අලව්ව, පොල්ගහවෙල, කුලියාපිටිය, පඬුවස්නුවර, වාරියපොල සහ ගල්ගමුව යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනයට යොමු කර සිටි මෙම පුද්ගලයන්‌ අදාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්‌ බස්‌ රථ 08ක්‌ ඊට යොදවනු ලැබුවා. වාරියපොල යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී, මේජර්‌ මංජුල කොස්තා මහතාගේ අධීක්ෂණයෙන්‌ මෙය සිදු කෙරිණ.

    තවද අවිස්සාවේල්ල, කුඩගම හා යාහැල්ලවත්ත ප්‍රදේශයන්හි පවුල්‌ 12කට අයත්‌ 49 දෙනෙකු ඊයේ සවස වවුනියාව තාණ්ඩිකුලම්‌ි යුද හමුදා මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ආසාදිතයෙකු පසුගිය 22 වැනිදා ඔහුගේ ගම වන යාහැල්ලවත්ත ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණ තිබීම ඊට හේතුවයි. අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට යොමු කර තිබේ.

    Latest News