තවත් යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

අප්‍රේ 26, 2020

    සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන ඇත.

    ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවීමත් සමගයි.

    මේ හේතුවෙන් එම යුධ හමුදා නිලධාරියා සේවය කරනු ලබන සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

     

    Latest News