වැලිසරදී මියගිය නාවික නිලධාරියාට කොරෝනා නෑ

අප්‍රේ 26, 2020

    වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

    මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබේ.

    එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැලදී ඇති බවයි.

    කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් තිබේ.

    Latest News