රු. පන්දහසේ දීමනාවේ දෙවැනි අදියර හෙට (26) සිට

අප්‍රේ 25, 2020

    රජය ලබාදෙන රුපියල් පන් දහසේ දීමනාවේ දෙවැනි අදියර හෙට සිට ක්‍රියාත්මකයි.

    පළමු වටයේ දී මෙම දීමනාව නොලැබුණු සියලු පවුල්වලට දෙවැනි වටයේදී සිය අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එම පුද්ගලයන්ට කඩිනමින් දීමනාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. පීඩාවට පත් සියළුම පවුල් ආවරණය වන පරිදි රුපියල් පන් දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කළේය. සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් විසිපන් ලක්‍ෂ තිස් දහස් 168 දෙනෙකු සඳහා රුපියල් 21,150ක්

    මේ වනවිටත් ලබාදී අවසන්. තම ජීවනෝපාය අහිමි වූ පවුල් ලක්‍ෂ 20ක් ආවරණය වන පරිදි ද රුපියල් පන් දහසේ දීමනාව ලබාදීමට පියවර ගෙන තිබේ. ඊට වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 8,600ක්. ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අඩු ආදායම්ලාභී අනු පවුල් සඳහා ද මෙම දීමනාව හිමිවිය. ඒ සඳහා තෝරා ගන්නේ, ග්‍රාමීය අනු කමිටු විසින් සුදුසු ප්‍රතිලාභීන් හඳුනා ගනු ලැබීමෙන් අනතුරුවයි.

    Latest News