කළුබෝවිල රෝහලේ වසා දැමූ 5 වාට්ටු යළි විවෘතයි

අප්‍රේ 15, 2020

    කොරෝනා ආසාදිත රෝගියෙකු හමු වීම නිසා වසා දැමුණු කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 5 අද සිට නැවත විවෘත කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    දින 14ක් පුරා වසා දමා තිබුණු මෙම වාට්ටුවේ සියලුම කාර්ය මණ්ඩලය ද දින දාහතරක නිරෝධායන ක්‍රියාවකටද යොමු කරනු ලැබීය. එසේ නිරෝධායන ක්‍රියාවලිය නිමවී  නැවත පැමිණි කාර්යය මණ්ඩලය අද සිට සේවයට වාර්තා කර තිබේ. ඒ අනූව වාට්ටු අංක පහ ද අද සිට විවෘත කර තිබෙනවා.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 12:23

    Latest News