දරු දෙදෙනා ලිඳට ඇඳදැමූ අමානූෂීය පිය සෙනෙහස - වාර්තාව වාලච්චේනෙන්

අප්‍රේ 14, 2020

    වාලච්චේන - මාවඩිචේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී තිබේ.

    පොලීසිය සඳහන් කළේ, පියා විසින් දරුවන් ළිඳට තල්ලු කරන්නට ඇති බවට සැක කරන බවයි.

    අද (14) අළුයම 3.45ට පමණ මෙය සිදුව තිබේ.

    මියගොස් ඇත්තේ 7 හැවිරිදි ගැහැනු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකි.

    ප්‍රදේශවාසීන් විසින් මෙම ළමුන් දෙදෙනා ගොඩට ගෙන වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ළමුන් මිය ගොස් සිට ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

    දරුවන්ගේ පියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

    වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 17:25

    Latest News