නිරෝධායනය අවසන් කළ 2 වැනි කණ්ඩායම පිටව යයි

අප්‍රේ 04, 2020

    නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම පිටත්ව ගොස් ඇත.

    මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඊයේ (03) ඉන් පිටත්ව ගොස් තිබේ.

    නිරෝධායන කටයුතු අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි.

    ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙම මධ්‍යස්ථානය තුළ ශ්‍රී ලාංකික පුද්ගලයින් 66 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

     

    Latest News