තේවත්ත දේවස්ථානයේ අද විශේෂ දේව මෙහෙයක්

අප්‍රේ 03, 2020
  • අද මෙරට ශ්‍රී ලාංකික කිතුනුවන්ට  සුවිශේෂී දිනයකි. ඒ, කිතුනුවන් සිය මවු කොට සලකන දේව මාතාවන්ට නැවත වාරයක් රට වෙනුවෙන් බාරවීමේ දෙවැනි අවස්ථාව සිදුවන නිසයි.
    ඒ,තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදීය. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කොරෝනා වසංගතය මෙරටින් තුරන් කරන ලෙස ඉල්ලමින් ලංකා අප ස්වාමිදූට විශේෂ බාරයක් සිදුකරති. ඒ අද උදේ 11.00ට පවත්වනු ලබන විශේෂ මෙහෙයක් අතරතුරය.
    පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගි වීමට බැතිමතුන්ට අවස්ථාවක් නොමැත. නිවෙස්වල සිට සජීවීව රූපවාහිනිය ඔස්සෙ එම අවස්ථාවට ඔබටත් එක්විය හැකිය. කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි අද උදේ 11.00ට සියලු කිතුනු දේවස්ථානවල සිනුව නාදකිරීමත් නිවෙස්වල පහනක් දල්වා නිහඬව යැදීමත් තුළින් එම ආශිර්වාදාත්මක අවස්ථාවට ඔබටත් එක්විය හැකිය. 
     
    https://www.facebook.com/srilankarupavahini/videos/3009741212425630/
    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 13:02

    Latest News