ඇගළුම් සේවකයින්ට අප්‍රේල් වැටුප සමඟ සහ උත්සව අත්තිකාරම්

අප්‍රේ 02, 2020

    ඇගළුම් කර්මාන්තයේ නිරතව සිටින සියලුම සේවක සේවිකාවන් සඳහා අප්‍රේල් මස වැටුප සහ උත්සව අත්තිකාරම් ගෙවීමට අගළුම් නිශ්පාදන ආයතන එකග වූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා සදහන් කළේ ඇගළුම් නිශ්පාදන සම්මේලනය, හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පසුගියදා කම්කරු අමාත්‍යාංශයේදී පැවති පැවති සාකච්ඡාවකදී මෙම එකගත්වය පලකළ බවයි.

    කොරෝනා වසංගත තත්ත්වයෙන් රටේ ආර්ථීකයට සිදුවන බලපෑම නිසා ඇගළුම් නිශ්පාදන ආයතන හා එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය නිසි පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ ඇගළුම් කර්මාන්තයේ නිරතව සිටින සියලුම සේවක සේවිකාවන් සඳහා මාර්තු මස වැටුප් ගෙවා ඇති බවයි.

    Latest News