සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට; ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කණගාටුව

මාර් 24, 2020

    පුද්ගලික ආරක්‍ෂාව අවදානමක පවතින අවස්ථාවක රජයේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සිය සේවා සැපයීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම පවසයි.

    එබැවින් ඇතැම් සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩලය අපහසුතාවට ලක් කරන අයුරින් ප්‍රවෘත්ති පළ කිරීම පිළිබඳව කණගාටුව පළ කරන බව එම සමාගම පවසයි.

    ඇතැම් ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන්ට හෝටල්, පාසල් සහ රෝහල් යන පොදු ස්ථානවල හි පීඩාවට හා අපහසුතාවට ලක් කිරීම පිළිබඳ කනගාටු වන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කොවිඩ් නයින්ටීන් රෝගය ගෝලීය වශයෙන් ව්‍යාප්තව පැවතීමේදී පවා භාණ්ඩ මෙහෙයුම් හා භූමි සේවා සඳහා තම කාර්ය මණ්ඩලය 24 පැය පුරා දෛනිකව රාජකාරියේ යෙදෙන බව, එම සමාගම කියා සිටී.

    ජාතික ගුවන් සේවය වශයෙන් සිය මෙහෙයුම් කටයුතුවල නිරත කාර්ය මණ්ඩලයට රැකියාවේ ස්වභාවය අනුව අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාව විදෙස් සංචාරකයින් හා ආනයනික හා අපනයනික භාණ්ඩ මෙහෙයුමට සෘජුව මුහුණ දීමට සිදුවේ. සිය මෙහෙයුම් කාර්ය මණ්ඩලයට බෝවන රෝග පිළිබඳව විධිමත් හා ආරක්‍ෂක පුහුණුවක් ලබාදී ඇතැයි එම සමාගම කියා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරතුරුව යාවත්කාලීන කෙරේ.

    ගුවන් ප්‍රවාහන සංගමය විසින් ගුවන් කාර්ය මණ්ඩලය, තාක්‍ෂණික කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හැසිරවීමේ අංශ සඳහා නිකුත් කරන ලද ආරක්‍ෂාව සහ කාර්ය පාටියන් සහ මඟ පෙන්වීම ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සිදුකරනු ලබයි. ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය සේවා විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික හා මානසික පැවැත්ම පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු සළසා තිබේ.

    මගීන්ගේ හා මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා විධිමත් හා ක්‍රමානුකූලව පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නිරතුරුව සිදු කෙරේ. සිය කාර්ය මණ්ඩලය පෞද්ගලිකව අවදානමකට මුහුණ දෙමින් මිල කළ නොහැකි සේවයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරන බව එම ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News