විෂබීජහරණයට එතනෝල් නිපදවයි - ලංකා සීනි සමාගම

මාර් 23, 2020

    රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලින් කෙරෙන ඉල්ලීම් සඳහා කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීම අඛණ්ඩව සිදුකරන බව ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලදාරී ගාමිණී රාසපුත්‍ර මහතා අද (23) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසයි.

    සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා මූලික කරගෙන එතනෝල් නිපදවීම සිදු කරන බවත් මෙම ආයතන වල සේවක මණ්ඩලය පැය 24 පුරාවට සේවයේ නිරතවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාගේ අවසරය මත එතනෝල් ජාතික අවශ්‍යතාවය සපුරාලිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    Latest News