බිත්තර මිල රුපියල් 10 කින් පහළට

මාර් 23, 2020

    බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය.

    අගමැතිවරයාගේ ඉල්ලීමක් අනුව බිත්තර මිල අඩුකළ බව පවසන ඔහු මේ අනුව මෙතෙක් රුපියල් 20 පැවැති බිත්තරයක මිල අද සිට රුපියල් 10 කට අලෙවි කරන බව පැවසේ.

    ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වලට අද බිත්තර රැගත් ලොරි 450 ක් පමණ පිටත් කර යැවූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News