අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් මෙම මුරකපොල්ල ඔස්සේ වවුනියාව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලට ගමන්කිරීමට හැකි අතර සාමාන්‍ය ජනතාවට මෙම මුරකපොල්ල ඔස්සේ පිටවීම තහනම් කර තිබිණි.
යුද හමුදාව හා පොලිසිය එක්ව මෙම මුරකපොල්ල ඔස්සේ අත්‍යවශ්‍ය කාරණා සඳහා පැමිණෙන හා පිටවෙන පුද්ගලයින්ද විශේෂ පරීක්ෂාවට ලක්කෙරිණ.
මීට අමතරව මැදවච්චිය, මන්නාරම් මාර්ගය හා වවුනියාව, ත්‍රිකුණාමලය මාර්ගයද වසාදමා තිබේ.
කොරෝනා වෛරසය ආසාදිත දේවගැතිවරයෙක් විසින් බැතිමතුන් 150 අධික පිරිසකට පැවැත් වූ දේවමෙහෙයක් හේතුවෙන් රජය විසින් උතුරු පළාතට මෙම තහනම ක්‍රියාත්මක කර තිබිණ.