සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනයට ලංගම බස් රථ - 260 ක්

මාර් 22, 2020

    සෞඛ්‍ය මණ්ඩල ප්‍රවාහනය සඳහා බස් රථ 260 යෙදිමට ලංකා ගමනා ගමන මණ්ඩලයට ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව සෞඛ්‍ය අංශවල සේවයේ යෙදී සිටින අය සඳහා නොමිලේ ප්‍රවාහනය ලබා දීමට කටයුතු කර ඇත.

    මේ අනුව රෝහල් සදහා මෙම පහසුකම් ලබා ගැනිම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් මැදිරියේ දුරකතන අංක 077 1 056 032 ට විමසන ලෙස දැනුම් දෙයි.

    මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා මෙම ප්‍රවාහන පහසුකම් සැපයිමට ඇමතිවරයා කැමැත්ත පළ කර තිබේ.

    Latest News