නෙවිල් ප්‍රනාන්දු ‌රෝහලත් කොවිඩ් රෝගීන් සඳහා

මාර් 22, 2020

    කොවිඩ් 19 සැක කටයුතු මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

    කොළඹ සොයිසා හා කාසල්වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රොස්ටරයකට අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශයේ ප්‍රතිකාර අවශ්‍ය පරිදි ආරම්භ කරනු ඇත බවත් ඔහු පැවැසීය.

    මිට අමතරව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලද මේ වන විට කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති බවද ඔහු පැවැසීය.

    එහිදී සාමාන්‍ය ඇඳන් 100ක්, දැඩි සත්කාර ඇඳන් 30ක්, මාතෘ රෝගීන් සඳහා ඇඳන් 30ක්, මාතෘ රෝගී අධි දැඩි සත්කාර ඇඳන් 6ක් එහි සූදානම් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. කුඩා ළමුන් හා ළදරුවන් සඳහාද එහි පහසුකම් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

    එසේම කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඇදන් 30ක් පඹන මේ සඳහා වෙන්කර ඇති බවත් ඔහු පැවැසීය.

    Latest News