රථවාහන හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවයි

මාර් 20, 2020

    මාස තුනකට බලපැවැත්වෙන පරිදි රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ විදේශ රටවලට ගෙන යා හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 5000 කට සීමා කෙරෙන බවයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝග ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (19) සියලු වාණිජ බැංකුවලට උපදෙස් දුන්නේය.

    ඒ අනුව රථවාහන හා අත්‍යවශය නොවන භාණ්ඩ ආනයනය සඳහා වාණිජ බැංකු වලින් ණයවර ලිපි නිකුත් කිරීම ද අත්හිටුවනු ඇත.

    මීට අමතරව වාණිජ බැංකු මගින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමටද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    කොරොනා වෛරසය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අවමකර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    Latest News