නාවික හමුදාව විෂබීජ හරණයට එක් වෙයි

මාර් 20, 2020

    නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබීය.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ පූර්ණ උපදෙස් මත මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

    නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් දෛනිකව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් එක් වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

    එහිදී දුම්රිය ස්ථානයේ සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජ හරන කටයුතු සිදු කරන ලදි.

    මෙහි තවත් එක් වැඩසටහනක් කොළඹ නැවි තඨාකාංගනයේ පාලන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතන පරිශ්‍රය තුළ සිදු කළේය.

    ආයතනයේ කාර්යාල පරිශ්‍ර, වැඩබිම් සහ සේවකයින් ගැවසෙන අනෙකුත් ස්ථාන විෂබීජ හරණය නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරනු ඇත.

    මෙවැනි විෂබීජ හරණ වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීමට නාවික හමුදාව නිරන්තර පියවර ගනිමින් සිටියි.

    Latest News