සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනිම කල්යයි

මාර් 17, 2020

    රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කර තිබේ.

    ඒ අනුව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් දින දෙකක කාලයක් මෙලෙස දිර්ඝ කර ඇති බව එම අමාත්‍යාංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් අද ( 17) මේ බව සඳහන් කර තිබේ.

    අයදුම්පත් භාරගැනිමේ අවසන් දිනය ලෙස නම් කළ තිබුණේ මේ මස 26 වන දිනය වුවත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙලෙස දිර්ඝ කිරිමට සිදු වු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News