ලොව පුරා 'කොවිඩ් 19' මරණ සංඛ්‍යාව 7000 ඉක්මවයි

මාර් 17, 2020

    මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහස ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව හත්දහස ඉක්මවා තිබේ.

    අමෙරිකාව ද ජනතාවට නියෝග කර ඇත්තේ ඉදිරි දින 15 තුළ දස දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස්වීමෙන් වළකින ලෙසයි. ඉරානය ද කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා එරට ජනතාවට හැකි සෑම විටම නිවස තුළට වී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබේ. මේ වන විට අප්‍රිකානු කලාපයෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි. මේ වන විට අප්‍රිකානු රටවල් 26කින් රෝගීන් වාර්තා වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 09:52

    Latest News