දියේ ගිලි සිසුන් මියයෑමේ සිද්ධියට ගුරුවරු 4 දෙනෙකුගේ වැඩ තහනමට

මාර් 13, 2020

    අධ්‍යාපන චාරිකාවකට සහභාගිව සිටියදී ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවැව මැදවච්චිය වැවේ දියනාද්දි දියේ ගිලි හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් මියයාමේ සිද්ධියට විදුහල්පතිවරයා සහ එම චාරිකාවට සහභාගිවූ ගුරුවරු තම වගකීම පැහැරහැර ඇති බවට තහවුරුව ඇතැයි, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසීය.

    ඒ අනුව විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමටත් නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරු 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් ගුරුවරියන් දෙදෙනා දුෂ්කර සේවය සදහා යැවීමටත් කටයුතු කළ බව ද අඹන්වල මහත්මිය පැවසීය.

    ඉකුත් මස (19) සවස 6.30 පමණ මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී දියේගිලී ජිවිතක්ෂයට පත්වූයේ, අනුහස් සමාධි (ඇටම්පිටිය), උමේෂ් ශිහාර් (ගල උඩ) නෙතික සන්ජිත් (හිගුරුගමුව බදුල්ල) අනුෂ අන්ජන ශ්‍රීපවන් (ගොටුවල ඇල්ල) යන සිසුන්ය.

    Latest News