ගල්කිස්ස, තෙලවල දී අයිස් සමඟ 4ක් අත්අඩංගුවට

මාර් 07, 2020

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු ගල්කිස්ස, තෙලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ගල්කිස්ස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    එහිදී සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 04ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 19 - 24 අතර වයසේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේම පුද්ගලයින් බව සඳහන්වේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර, ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News