නියඟය අවසන් කරමින් රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

මාර් 06, 2020

    නියඟය අවසන් කරමින් රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇඳ හැලෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

    රත්නපුර නගරය අවට ප්‍රදේශවලට අද සහ ඊයේ අධික වැසි ඇතිව තිබෙනවා. රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය ප්‍රදේශයට ඊයේ සහ අද පැයකට අධික කාලයක් වැසි ලැබුණු බවයි, වාර්තාකරුවන් සඳහන් කළේ.

    මේ අතර, අද රාත්‍රියේ සහ හෙට මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News