චීනයට සහ සෞදි අරාබියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී

මාර් 07, 2020

    ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ අනුව චීන‍යේ බීජිං, ෂැන්හායි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මාර්තු 10 වැනි දින සිට අප්‍රේල් මස 30 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇති බව වාර්තා වෙයි.

    ඊට අමාතරව සෞදි අරාබියේ ජෙඩා වෙත මාර්තු 15 වැනි දින සිට අප්‍රේල් 30 වැනි දින දක්වා ගුවන් ගමන් අත්හිටුවිමට තීරණය කර ඇති බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කර සිටී.

    කෙසේවෙතත් පවතින තත්ත්වය යහපත් වුවහොත් අප්‍රේල් මස 30 වැනි දිනට පෙර යළි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News