ඒ ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. ලේකම්වරියට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා. ලේකම්වරියගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණා. නීති විරෝධීව ඇලි-ඇතුන් 5 දෙනෙකු සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්, අලි රොෂාන් නමැත්තාට එරෙහිව නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
නඩුවේ විත්තිකරුවන් දේශපාලන පළිගැනීම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ ලේඛන එම කොමිසම බාරයට ගෙන තිබුණා. ඒවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි, ත්රිපුද්ගල මහාධිකරණය කොමිසමේ ලේකම්වරියට නොතීසි නිකුත් කර තිබුණේ, එහෙත්, ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.