වැල්ලවත්ත සිට බත්තරමුල්ලට නව මගී බෝට්ටු ප්‍රවාහන සේවයක්

මාර් 04, 2020

    වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව මගී බෝට්ටු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇත්තේ වාහන තදබදයට එක් විසඳුමක් ලෙසයි. මගී බෝට්ටු ප්‍රවාහන සේවය ලබන 11 වැනි දින ආරම්භ කෙරෙන අතර, එය ක්‍රියාවට නංවනු ලබන්නේ, ඉඩම් සංවර්ධන සංස්ථාවට අනුබද්ධ පෞද්ගලික සමාගමක් විසින්. බෝට්ටු සේවය වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා දිවෙන ඇල මාර්ගය ඔස්සේ ක්‍රියාත්මකයි.

    වැල්ලවත්තෙන් උදේ 6.50 සිට 9.00 දක්වා බත්තරමුල්ල දියත උයන වෙත විනාඩි 30කට වරක් මගී බෝට්ටු ධාවනය කෙරෙනවා. සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා ද මෙම සේවය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වැල්ලවත්ත සිට බත්තරමුල්ලට විනාඩි 25කින් ළඟාවිය හැකියි. ආරම්භයේදී බෝට්ටු 4ක් යෙදවෙන අතර, එම බෝට්ටු වායු සමනය කර තිබීම ද විශේෂත්වයක්.

    Latest News