පාඨලීගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

මාර් 04, 2020

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම, තාවකාලිකව ඉවත් කරන ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ මාරක රිය අනතුර සිද්ධියේ සැකකරුවකු ලෙස හිටපු අමාත්‍යවරයා නම් කර තිබෙනවා. නඩුව අද කැඳවූ අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, තම සේවාදායකයාට විදෙස් ගතවීමට අවශ්‍යතාවයක් ඇති බවයි. ඒ අනුව අප්‍රේල් 26 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා කාලසීමාව තුළ අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසයි, ඔහු ඉල්ලා සිටියේ. නඩුව නැවත මැයි මස 13 වැනිදා කැඳවීමට නියමිතයි.

    Latest News