අධික උෂ්ණත්වය හෘද රෝග සඳහා බලපායිද?

මාර් 03, 2020

    මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ  උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මෙම තත්ත්වය නිසා වැඩි අවදානමට ලක්වන පිරිස ලෙස කුඩා ළමුන්, වැඩිහිටිඅය, දිගුකාලීනව හෘද රෝග, නොයෙකුත් නිදන්ගත රෝග වැනි රෝගාබාධ වලින් පෙළෙන අය සහ එළිමහනේ රැකියාවල නියැලෙන අය හඳුනාගෙන තිබේ.

    මෙවැනි තත්ත්වයක් යටතේ හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝගවල උත්සන්න විමක් ඇති වීමට ඉඩකඩ ඇත.

    මෙම අධික උෂ්ණත්වය නිසා විශේෂයෙන්ම ආතතිය (Heat Stress), මස් පිඩු පෙරලීම (Heat Cramps), සිහි මූර්ජාව (Heat Stroke), ඇතිවීමට ඉඩකඩ ඇත.

    මෙවැනි අවස්ථාවලදී සියලු ක්‍රියාකාරකම්වලින් වැළකී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, මස් පිඩු පෙරලෙන ස්ථාන මත සිහින් පීඩනයක් යෙදීම, අධික දහඩිය දැමීම, ශරීර අප්‍රාණික බව, පිපාසය හෝ ක්ලාන්තය වැනි තත්ත්වයක් ඇතිවේ නම් ඇඳුම් බුරුල් කර පවන් සැලීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

    මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් මරණයට පවා පත්ව ඇති නිසා මෙම උවදුරෙන් මිදීම සඳහා දිගු කාලීන මෙන්ම කෙටි කාලීන පියවර අනුගමනය කළ යුතු බව මෙහිදී සාකච්ඡා කෙරිණ.

    Latest News