ලක් විජය විදුලි බලාගාර පරිශ්‍ර‍යේ පැළ 500ක් සිටවයි

පෙබ 28, 2020

    කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාර පරිශ්‍ර‍යේ පැළ සිටුවීමේ වැඩසටහනක් අද(28) උදැසන පැවැත්විණි.

    ලංකා විදුලිබල මණඩලය පරිසරය සුරකීමේ අරමුණින් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඒ නව රජය ගෙන යන පරිසර හිතකාමී වැඩසටහනට අනුවයි.

    මෙහිදී තෝරාගත් විවිධ පැල වර්ග 500 ආසන්න ප්‍රමාණයක් බළාගාරය තුලත් ඉන් පිටතට මුහුද ආසන්නයේ ද සිටුවන ලදී. මෙම අවස්ථාවට නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ සියළු අංශවල නිළධාරීන් විශාල පිරිසක් සහභාගි විය.

    Latest News