ජනතාවට සහන ලබාදීමට රජය ගත් උත්සාහය විපක්‍ෂයේ ක්‍රියාකාරකම් නිසා වැළකී ගියා; අගමැති

පෙබ 21, 2020

    සිංහල අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන රැසක් ලබාදීමට රජය ගත් උත්සාහය විපක්‍ෂයේ ක්‍රියාකාරකම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ වැළකී ගිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්‍ෂය මෙලෙස හැසිරීම කණගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. මහනුවර, උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වූ ග්‍රාම සේවා නිලධාරීන්ගේ ජාතික සම්මේලනයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ප්‍රථම වතාවට මෙම ජාතික සම්මේලනයට දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරීන් පැමිණ සිටියේය. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් අනුමත කර දෙන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    සායින්දමරුදු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී ඇගයීමට ලක්වූහ.

    Sanda px 900 21 02 20

    මේ අතර රුපියල් මිලියන 80ක වියදමින් ඉදි කෙරුණු හාරිස්පත්තුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුවිය. ගොඩනැගිල්ල ඉදිකිරීමට “පුරනැඟුම“ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 50ක් සහ ප්‍රාදේශීය සභාවේ ආදායමෙන් රුපියල් මිලියන 30ක් වැය කර තිබේ. අංග සම්පූර්ණ පහසුකම් සහිතව ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට පහසුකම් රැසක් හිමිවේ. උත්සවය සංවිධාන කළේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයලාල් මහතායි.

    Latest News