ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිතයි

පෙබ 15, 2020

    ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊයේ පියවර ගත්තා.

    ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහයවීම එහි කාර්ය භාරයයි. මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී නිකුත් කෙරිණ. මේ සමඟ ඉකුත් වසරේ මාර්තු 18 වැනි දින සහ වරින්වර සිදු කළ සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වනවා. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ වැටුප් හා වේතනවල තිරසාර භාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශවල වැටුප්, වේතන ඇතුළු සියලු ව්‍යුහයන් සමාලෝචනය කොට ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම නව කොමිෂන් සභාවට පැවරෙන ප්‍රධාන වගකීමක්. උපාලි විජේවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුළත්.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 19:04

    Latest News