“අඟුරු කකා - වතුර බිබී - කොළඹ දුවන යකඩ යකා” දිගු කාලයකින් පසු දෙමෝදරට

පෙබ 11, 2020

    දිගු කාලයකින් පසු ගල් අගුරු දුම්රිය කොළඹ කොටුවේ සිට දෙමෝදර දක්වා ධාවනය කෙරේ.

    රටවල් 12 ක විදේශිකයන් 38 දෙනෙකු රැගෙන ගල් අගුරු දුම්රිය පසුගියදා (09) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර එය අද(11) නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබේ.

    train-02.jpg

    train-01.jpg

    train-04.jpg

    train-05.jpgtrain-03.jpg

    ගල් අගුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේදි නතර කර දුම්රිය එන්ජිමට අවශ්‍යය ජලය ලබා ගැනිමද සිදු කෙරිණ.

    දුම්රියෙන් ගමන් ගන්නා විදේශිකයන් උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන ඡායාරුපගත කරමින් දෙමෝදර දක්වා ගමන් කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

    ගල් අගුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නකර කර තිබු අවස්තාවේ එය දැක බලා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

    Latest News