හාවස්ට් - 2018 ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

දෙසැ 11, 2018

    හාවස්ට් - 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ.

    නව කෘෂිකාර්මික සංස්කෘතියක් බිහිකිරීම අරමුණයි. අද පෙරවරු 9.00ට එය ආරම්භ කෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන හාවස්ට් ප්‍රදර්ශනය ලබන 16 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. දිනපතා උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රදර්ශනය ජනතාවට නොමිලයේ නැරඹිය හැකියි. ආහාර අලෙවිසැල් මෙන්ම එළවලු, පළතුරු සහ කෘෂිබෝග ඇතුළත් ප්‍රදර්ශන කුටි රැසකින් එය සමන්විතයි.

    දේශීය මෙන්ම විදේශීය කෘෂි අංශ නියෝජනය කරමින් ආයතන රැසක් ප්‍රදර්ශනයට එක්ව සිටියි. කෘෂි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නවීන කෘෂිතාක්ෂණ ක්‍රම ගොවීන්ට හඳුන්වාදීම ද ප්‍රදර්ශනයේ අරමුණකි. මෙරට එළවලු, පළතුරු සහ අනෙකුත් බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමට මින් අපේක්ෂා කෙරේ. මේ වසරේ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කැපවූ ගොවීන් කෘෂි විද්‍යාඥයින් සහ නිලධාරීන් ඇගැයීමට ද නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 11 දෙසැම්බර් 2018 08:23

    Latest News