අගමැති වෙනස්කළාට ගෙනආ පෙත්සම් විභාගය 7

දෙසැ 10, 2018
    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වන්දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
    පූජ්‍ය දඹර අමිල හිමියන් සහ  හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත්  විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා .
    මෙම පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ මුර්දු ප්රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැවනු ලැබුවා.
    එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.
    ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 7 වැනිදා සිදුකරන බවත් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශවකරුවන්ට දන්වා සිටියා.
    පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සහ  ඇමති මණ්ඩල සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු  නම් කර තිබෙනවා.
    පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් මස 26 වනදා රනිල් වික්‍රමසිංහ  මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන වලට පටහැනි බවයි.
    Last modified on සදුදා, 10 දෙසැම්බර් 2018 11:47

    Latest News